අනීෂා මානගේ
පාසල් නිල ඇඳුමින් කේරළ ගංජා භාවිතා කරමින් සිටි සිසුන් හය දෙනෙකු අද(12) තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
තංගල්ල කඳුරුපොකුණ ලැබීම ප්‍රදේශයේ නිවසක මෙම පාසල් සිසුන් හය දෙනා කේරළ ගංජා භාවිතා කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි.
අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තංගල්ල වැල්ලගොඩ, දංකැටිය, කඳුරුපොකුණ හා ගොඩැල්ලවෙල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම පාසල් සිසුන් හය දෙනා තංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල් දෙකක අධ්‍යාපනය හදාරමින් සිටින අයවලුන් වන අතර ඔවුන් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින්නන් බවද මූලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd