ඔගස්ටින් ප්‍රනාන්දු
හලාවත මැරවල කණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදුරක් යට සඟවා තිබිය දී පිස්තෝල දෙකක් සහ උණ්ඩ තොගයක් අද (4) ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු විසින් සොයා ගෙන ඇති බව හලාවත පොලිසිය කියයි.
කණ්ඩිරිප්පුව සාන්ත අන්තෝනි ප්‍රතිමාව පිටුපස ඉඩමක පදුරක් යට සැකකටයුතු පාර්සලයක් ඇති බව දුටු ප්‍රදේශවාසියෙක් මේ බව ආරක්ෂක රාජකාරිවල සිටි යුද හමුදා සාමාජිකයින් දෙදෙනාට මේ බව දැන්වීමෙන් පසු හමුදා සාමාජිකයින් ගොස් එම පාර්සලය පරික්ෂා කළ විට එහි පිස්තෝල දෙකක් හා .8 වර්ගයේ ජීව උණ්ඩ හයක් සහ බෝර 12 ජීව උණ්ඩ 3ක් තිබී සොයා ගැණිනි.
පසුව මෙම උණ්ඩ හා පිස්තෝල දෙක හලාවත පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් බාරදී ඇති බවත් කිසිවකු විසින් මෙම පිස්තෝල හා උණ්ඩ පාර්සලය මෙම ස්ථානයෙහි සඟවා තබන්නට ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd