(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංඛ්‍යා ලේඛන නිලධාරීවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ඔහුගේ බිරිඳ, අනියම් සැමියා සහ මිතුරන් දෙදෙනෙකු අද (30) අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ඉකුත් 22 වැනි දින ඌරුබොක්ක හුලංකන්ද ප්‍රදේශයේදී මෙසේ වෙඩි තබා ඝාතනය කර තිබුණේ සුමුදු චමින්ද දයාරත්න (44) නැමැති දෙදරු පියෙකි.
වලස්මුල්ල මොරකන්දගොඩ පදිංචි හිටපු නාවික හමුදා සෙබළෙකු වන එම අනියම් පුරුෂයා සහ 43 හැවිරිදි ගුරුවරිය තම අනියම් සැමියා සමඟ එකතු වී තම සැමියා ඝාතනය සැලසුම් කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
සැකකාරිය, අනියම් සැමියා, ඔහුගේ මිතුරන් දෙදෙනා සමඟ අධිකරණය වෙත හෙට (31) ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පස්ගොඩ වෙඩි තැබීමට බිරිඳ ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට