(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංඛ්‍යා ලේඛන නිලධාරීවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ඔහුගේ බිරිඳ, අනියම් සැමියා සහ මිතුරන් දෙදෙනෙකු අද (30) අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ඉකුත් 22 වැනි දින ඌරුබොක්ක හුලංකන්ද ප්‍රදේශයේදී මෙසේ වෙඩි තබා ඝාතනය කර තිබුණේ සුමුදු චමින්ද දයාරත්න (44) නැමැති දෙදරු පියෙකි.
වලස්මුල්ල මොරකන්දගොඩ පදිංචි හිටපු නාවික හමුදා සෙබළෙකු වන එම අනියම් පුරුෂයා සහ 43 හැවිරිදි ගුරුවරිය තම අනියම් සැමියා සමඟ එකතු වී තම සැමියා ඝාතනය සැලසුම් කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
සැකකාරිය, අනියම් සැමියා, ඔහුගේ මිතුරන් දෙදෙනා සමඟ අධිකරණය වෙත හෙට (31) ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd