(රොමේෂ් මධුෂංඛ)
පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් හා නැවත එවැනි ම්ලෙච්ච ප්‍රහාරයක් ඇති නොවී සංහිදියාව වර්ධනය වේවායි පතමින් ආබාධිත හා දෘෂ්ෂ්‍යබාධිත සිසුන් දෙදෙනෙකු පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පා ගමනක් අරඹා ඇත.
පේදුරුතුඩුවේන් ගමන් ඇරඹු මෙම සිසුන් දෙදෙනා අද (27) මැදවච්චිය හරහා අනුරාධපුරය ආදා නගර පසුකරමින් එලඹෙන සැප්තැම්බර් 4 වැනිදා දෙවුන්දරතුඩුවට ළඟාවීමට බලාපොරොත්තුවෙන් සිටී.
මඩකලපුව ශාන්ත මයිකල් විදුහලේ ඉගෙනුම ලබන එස්.සංජීවන් හා පී.දුෂාන්තන් නැමති මෙම ආබාධිත සිසුන් දෙදෙනා පා ගමන අරඹමින් කියා සිටියේ යුද්ධයෙන් වැඩි වශයෙන් පීඩා විඳි උතුරු නැගෙනහිර ජනතාව ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට නැවත වරක් යුද බිය ගෙන දුන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය දැඩි සේ හෙළා දකින බවටත් නැවත එවැනි ප්‍රහාරයක් කිසිදිනක ඇති නොවිය යුතු බවත්ය.
එමෙන්ම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මේ වන වට අවදානමකට ලක් වී ඇති ජාතීන් අතර සංහිදියාව නැවත නගා සිටිය යුතු බවටත් ඒ වෙනුවෙන් සියලු ශ්‍රීලාංකිකයින්ට එක්වන්නැයි ආරාධනා කර සිටිම මෙම පාගමනේ ප්‍රධාන අරමුණ බවටද එම සිසුන් දෙදෙනා වැඩිදුරටත් පැවසූ අතර සිසුන් දෙදෙනාගේ පාගමන වෙනුවෙන් සෑම නගරයකින්ම උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවතී.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
පාස්කු ප්‍රහාරය හෙළා දකිමින් ආබාධිත සිසුන් දෙදෙනෙක් පාගමනක