(පාලිත ආරියවංශ )
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන්ගෙන් මිය ගිය පිරිසට සිය ආගම අනුව මෝක්ෂය ලබාගැනීම සදහා පින් අනුමෝදන් කිරීමට බෞද්ධ ආගමික වතාවත් පැවැත්වීම ඓතිහාසික මුතියංගන රාජ මහාවිහාරස්ථානයේදි සිදු කෙරිණි.
බෝම්බ සිද්ධියට දින 7 ක් පිරීම නිමිති කරගෙන අස්ගිරි පාර්ශවයේ මහ නායක මුතියංගන රාජ මහාවිහාරස්ථානාධිපති වරකාගොඩ ඥානරතන හිමියන්ගේ හා මුතියංගන භාරකාර ධුරන්දර අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව විසින් මෙම පිංකම සංවිධානය කර තිබිණි.
මෙහිදී අටපිරිකර පුදා පැන් වැඩීමද සිදුවිය .
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පොලොංමාරුවේ වාචිස්සර හිමි සහ මුතියංගන සුමන තිස්ස දහම්පාසලේ ප්‍රධානාචාර්ය බලගල චන්දිම යන හිමි වරුද ආගමික වතාවත් සඳහා සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd