
( එච්. චන්දන )
පොලිස් නිළධාරියකු ලෙස අඟවා නිවෙස් වලට ගොස් මුදල් සහා දේපල සොරකම් කළ අයෙකු අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කියයි.
එම ඒකකයට ලද තොරතුර අනුව මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ අළුවිහාරයේ පදිංචි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා පුත්තලම පොලිස් කොට්ඨාශයේ පිහිටි මුන්දලම පොලිස් වසමේ නිවසකට ගොස් රුපියල් 10500.00 මුදලක්ද , මහකුඹුක්කඩවල පොලිස් වසමේ රුපියල් 20000.00 මුදලක්ද , පුත්තලම පොලිස් වසමේ එක් ස්ථානයකින් රු 13000.00 ක්ද තවත් ස්ථාන දෙකකින් , රු 15000.00 ක්ද , රු 3000.00 හා ජංගම දුරකථනයක්ද , කරුවලගස්වැව පොලිස් වසමෙන් රු 20000.00 මුදලක්ද , වානාතවිල්ළුව පොලිස් වසමෙන් එක් ස්ථානයක රු11000.00 සැම්සුන් වර්ගයේ ජංගම දුරකථනයක්, තවස් ස්ථානයකින් රැ 20000.00 මුදලක් මෙලෙස බලහත් කාරයෙන් ලබා ගන ඇති බව මෙම ඒකකය කල විමර්ශණ වලදී අණාවර්ණය වී තිබේ.
අත් අඩංගුවට ගත් පුද්ගලයා නිවෙස් වලට ගොස් විවිධ වහසි බස් දොඩා එම නිවැසියන් සම්බන්ධව යම් පැමිණිල්ලක් වරදක් සිදු වී ඇති බවත් එය මූලික පරීක්ෂණයට තමන් පැමිණි බවත් , පවසා එය සහනයක් ලබා දීමට මෙම මුදල් ලබා ගෙන ඇති බවයි සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
මෙම පුද්ගලයා කුරුණෑගල මිනුවන්ගැටේ පොලිස් වසමේ අලෙවිය තබා තිබූ යතුරු පැදියක්ද මිලදී ගැනීමේ මුවාවෙන් සොරකම් කර ඇති බවත් එම යතුරු පැදිය හා ජංගම දුරකථන 04 ක්ද අත් අඩංගුවට ගෙන තිබේ .
2025 නොවැම්බර් මස 04
546
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලීසිය යැයි අඟවා නිවෙස්වලට ගොස් කොල්ල කාලා