අනීෂා මානගේ
පොලිස් නිලධාරියෙකු පැදවූ මෝටර් රථය අත්ට්‍රැක්ටරයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුලත්කර ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.
මාතර - කතරගම ප්‍රධාන මාර්ගයේ නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේදී සිදු වු මෙම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
අනතුර සිදුකළ පොලිස් නිලධාරියා තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd