ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සංවිධානය කරන පොලිස් නෙත ඡායාරූප ප්‍රදර්ශනය ලබන 26 සහ 27 වැනි දා පෙරවරු නවයේ සිට පස්වරු හය දක්වා යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.

දශක හයක පමණ සිට ශ්‍රී ලංකාවේ සමාජය හා බැඳුණු දුර්ලභ ඡායාරූප රැසක් මෙම ප්‍රදර්ශනයේ තිබෙන බව පොලිසිය කියයි.