ක.ග කරුණාරත්න
පොලොන්නරුව මහනගර සභාවේ ප්‍රථම නගරාධිපති ධූරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චානක සිදත් රණසිංහ මහතා අද (3) ඡන්ද 6 ක් ලබා ගනිමින් නගරාධිපතිවරයා ලෙස තේරීපත්විය.
නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හේමන්ත හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයාට හිමිවූයේ ඡන්ද 3 ක් පමණි.
පොලොන්නරුව මහ නගර සභාවේ උප නගරාධිපති ධූරය එක්සත් ජාතික පක්ෂයේ එම්.අයි.එම් අර්ෆා මහතා තේරීපත් වු අතර ඔහුට ඡන්ද 7 ක් හිමිවිය.
පොලොන්නරුව මහ නගර සභාවේ මුළු සභික සංඛ්‍යාව 11ක් වේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මහ නගර සභාවේ වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාව වන මන්ත්‍රී ධුර 05 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 3 ක් ද, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 2 ක් සහ ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රී ධූරයක් ද හිමිවිය.
පොලොන්නරුව මහනගර සභාවේ නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ මංගල සැසිවාරය පොලොන්නරුව ප්‍රාදේශීය සභාවේ දී අද (3) උතුරු මැද පළාත් පාලන කොමසාරිස් එම්. කොඩිප්පිලිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා මෙම අවස්ථාවට පැමිණ සිටියේ නැත.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලොන්නරු පුරපති පුටුව ශ්‍රීලනිපයට