ක.ග කරුණාරත්න
බඩ ඉරිඟු හේන වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පැල් රකිමින් සිටි ගොවියකු (63) අරලගංවිල ,මහදමන ප්‍රදේශයේදී අද (26) අලුයම වල් අලියකු පහරදීමෙන් මිය ගිය බව අරලගංවිල පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ අරලගංවිල, මහදමන අංක 29 ලිපිනයේ පදිංචි ටී.ජී ඩිංගිරි බණ්ඩා (63) නැමැති පස්දරු පියෙකි.
හේනට කඩා වැදී බඩ ඉරිඟු වගාව විනාශ කරමින් සිටි අලියා පළවා හැරිමට උත්සහ කරද්දී පසුපස පන්නාගෙන විත් පහරදී ඇති බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණයවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd