(සිතුම් චතුරංග)
කිලිනොච්චිය,අක්කරායන්,ස්කන්දපුරම් ප්‍රදේශයේ නිවසක් අසල පිහිටි පොල් ගසක් කඩාවැටීමෙන් ඒ අසල සිටි කුඩා දරුවෙකු අද (08) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි අක්කරායන්කුලම පොලිසිය පවසයි.
මිත්තනිය සමඟ දියනාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත් එහිදී මියගිය දැරියගේ මිත්තනිය තුවාල ලබා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිලිනොච්චිය , අක්කරායන්කුලම , ස්කන්දපුරම් පදිංචි එස්. තශ්මියා නැමති වයස අවුරුදු එකක ගැහැණු දරුවකු බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ වර්ෂාව සහිත කාලගුණික තත්වය හේතුවෙන් නිවස අසල තිබූ පොල් ගසෙහි මුල් ගැලවී තිබී ඇති අතර එය එක්වරම දියනාමින් සිටි දරුවා සහ මිත්තණිය මතට කඩාවැටී ඇති බවත්ය.
අනතුරින් දැරිය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාල ලබා සිටි මිත්තනිය ප්‍රදේශවාසීන් විසින් කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොල් ගසක් කඩාවැටී කුඩා දරුවෙකු මරුට