(නිශාන්ත කුමාර)
පොල් ගෙඩියක් හිස මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ කන්දකැටිය මැදලපිටිය ගම්මානයේ කාන්තාවක අද (25) මිය ගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කන්දකැටිය මැදලපිටිය ගම්මානයේ පදිංචි ඩී. එම්. අනුලාවතී (61) නැමැති කාන්තාවකි.
සිය නිවස පිටුපස තිබූ වතුර ටැංකියක් වෙත යමින් සිටියදී ඒ අසළ වූ පොල් ගසක ගෙඩියක් හිස මත කඩා වැටීමෙන් ඇය මෙම අනතුරට ලක්ව ඇත.
බරපතල තුවාල ලැබූ මෙම කාන්තාව කන්දකැටිය රෝහලටත් අනතුරුව මහියංගන රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
පොල් ගෙඩියක් හිස මත වැටී කතක් මරුට