(මහේෂ් කිර්තිරත්න)
ප්‍රසාද මන්ත්‍රිධුර ලබා දිමේදි තමන්ට දැඩි අසාධාරණයක් සිදු වු බව රත්තොට සහ උකුවෙල ප්‍රාදේශීය සභා සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ අපේක්ෂකයෝ පිරිසක් පවසති.
එසේම රත්තොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක චින්තන ඒකනායක මහතා වහාම එම ධුරයෙන් ඉවත් කරන ලෙස ද පක්ෂයට බල කර බවද ඔවුහු සඳහන් කරති.
මෙහිදි අදහස් දැක්වු රත්තොට ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ රොහාන් ජයරත්න මහතා-
“අපි කණගාටුවෙන් කියනවා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පය විනාශ කරන්නේ මේ ආසන සංවිධායකවරු. රත්තොට ආසන සංවිධායක චින්තන ඒකනායක මහතා ගත්ත මෙ පිළිකුල් තිරණය අපි දැඩිව හෙළා දකිනවා.ගෙදර උයන්න පිහින්න ආය අම්මා කෙනෙකුට තමා මේ මන්ත්‍රිධුරය දිලා තියෙන්නේ .
මධ්‍යම පළාතේ බලය මේ එක පවුලකට කොටවෙලා තියෙන්නේ.සංවිධායක වරයා කියන විදිහට එයා බය නැහැ කියනවා. එදා පක්ෂයේ මහ ලේකම් වගේම සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවිර මහත්තයා කිව්වේ කමිටුවක් දාලා මේ මන්ත්‍රිකම් දෙනවා කියලා අපි අහනවා එහෙම කළාද කියල.එහෙම වුණේ නැහැ.
පක්ෂ මුලස්ථානයෙන් අහන විට සංවිධායකට ඕන විදිහට මේ පත් කිරිම් කරන්නේ කියනවා.මෙහෙන් කියනවා පක්ෂ මුලස්ථානයෙන් කියලා.හැමදාම තැලුනේ රජුන් තනන අපියි.මට පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ලබා දෙන්න ලැස්ති වෙද්දි අපි ඒවා දාලා ආවේ.මේ පක්ෂයට තියන කැක්කුම නිසයි.අපි ඉල්ලා සිටින්නේ රත්තොට ආසනය සඳහා සුදුසු පුද්ගලයෙකු තෝරා පත් කර එවන්න කියා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ‘යනුවෙන් පැවසීය.

2025 නොවැම්බර් මස 04
751
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ප්‍රසාද මන්ත්‍රීධුර ලබා දීමේදී අසාධාරණයක් සිදු වුණා ‘