පැරීසියේ ලාකුරනව් හී ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙවර ඔක්තෝබර් 23 වැනි ඉරු දින පැවැත්විණි.
විහාරයේ බුදු මැදුර නව ගොඩනැගිල්ලක ස්ථාපිත වුයේය. නව බුදු මැදුර ඉදිකිරිමට දෙමළ ජනතාවගේ සහයෝගයද නොමදව ලැබුණු බව ආනන්ද හිමියෝ කියති.
රත්මලාන කොතලාවලපුර සමාධි විහාරාධිපති ගාලූ කෝරලේ ප‍්‍රධාන සංඝ නායක මාපලගම බුද්ධසිරි නාහිමි ලර්බුජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමි, ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝ නායක පැරීසියේ ජේතවන විහාරාධිපති මුරුංගාගස්යායේ ඤණිස්සර නාහිමි බුරුම ජාතික ඌ කුමාර හිමි, බංගලදේශ ජාතික ජෝකිසාර හිමි, ඇතුළු හිමිවරු 13 නමක් පමණ වැඩම කර සිටියහ.
ශ්‍රී ලාංකික හා කාම්බෝජ, වියට්නාම්, ලා ඕස් , බංගලිදේශ බෞද්ධයන්ගේ ප‍්‍රමුඛත්වයෙන් කඨින පිංකම පැවැත්විණි.
පැරිස් බෞද්ධ විහාර දහම් පාසලේ සිසු දරුවන්ගේ කඨින පෙරහරක් ද ඒ අතරට එක් වුයේය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd