පැරිස් ධම්ම චක්ක විහාරයේ සිංහල අලූත් අවුරුදු උළෙල මෙවරත් ලාකුරනව් ඩෙලානු ක‍්‍රීඩාංගනයේ දි පැවැත්විණි. විහාරාධිපති කෝ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් සිරිත් පරිදි එදින උදේ 10 ට ප‍්‍රංශ ශ්‍රී ලංකා ජාතික ධජ එසවීමෙන් ද සිංහල අලූත් අවුරුදු චරිත‍්‍රානුකුලව හිසතෙල් ගෑමෙන් ද දෙමාපියන්ට හා ගුරුවරුන්ට බුලත් හුරුලූ පිළිගැන්වීමෙන් හා අවුරුදු සංග‍්‍රහ වලින් පසු උත්සවයේ කටයුතු ආරම්භ වුයේය .
කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය කාගෙත් ඔල්වරසන් හඬ මැද්දේ සිදු කළේය. සිඟිති කුමර කුමරියන් සදහා දහම් පාසැලේ දු දරුවන් බොහොමයක් සහභාගි වුහ. සංස්කෘතික ප‍්‍රසංගයක්ද විය .
ලා බුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමි, පැරිස් ජේතවනාරාමයේ විහාරාධිපති ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥාණිස්සර හිමි, පැරිස් කතෝලික දේවස්ථානයේ නිලන්ත පියතුමා, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා ඇතුළු අමුත්තෝ රැසක් සංස්කෘතික ප‍්‍රසංඟයේ අසුන් ගෙන සිටියෝය.
බක් මහ ආපන ශාලාවේ අවුරුදු කෑම සියල්ලම විකිණී අවසන් විය.
පැරිසියේ සරසවි රංග කලා ආයතනයේ සිසු දරුවන්ගේ නර්තනයෙන් සංස්කෘතික සංදර්ශනය ආලෝකමත් විය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පැරිස් බක්මහා අසිරිය