පැරිස් නුවර ජේතවන බෞද්ධ විහාරස්ථානයේ වෙසක් පිංකම පසුගියදා විහාරාධිපති මුරුන්ගස්යායේ ඤානිස්සාර හිමියන්ගේ අනුශාකත්වයෙන් සහ ශ්‍රී ලාංකික මෙන්ම ප්‍රංශ, වියට්නාම, කාම්බෝජ සහ චීන ජාතික බෞද්ධ බැතිමතුන් විශාල දෙනෙකුගේ සහභාගීත්වයේ පවත්වනු ලැබිය.
පිංකම සඳහා පැරිස් බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙනියේ ආනන්ද, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර, බද්දේගම සීගල පුරාන විහාරාධිපති බැදිගම චන්ද්‍රාලෝක, කිරින්දේ සෝමසිරි, මහගම සුනීත, විතාරන්දෙණියේ විමලරතන, මාපලගම ජිනානන්ද, බැදිගම මනිරතන, කාම්බෝජයේ කස්සප, කඳුරුපොකුනේ ධම්මාලෝක, කන්දවින්නේ රාහුල, බුරුමයේ යුකුමාර, තැල්ලෙවැවේ ආනන්ද යන මහා සංඝ රත්නය සහභාගී වුහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි සාදු සාදු පිළිවෙළකට වැඩක් කරන පන්සලක් නායක හාමුදුරුවන්ට අපේ ප්‍රණාමය (බ)
සුමිතුරු සඳ ඇවිත් සක්මන් කරනු වැනී.... පිවිතුරු වදන් මුවගින් මල් ඉසිනු වැනී.... දිවිතුරු වෙසෙන අතරේ සිත නිවනු වැනී... ලොව්තුරු මුනිඳු දෙසු දම්කඳ ඇසෙනු වැනී ... (නි)
වෙසක් සඳ ශ්‍රී ලංකාවට පායන සේම පැරිස් පුරවරයටත් පායනවිට බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඇලළෙන බැතිමතුන් ජේතවන විහාරයට පියනඟන්නේ මොනතරම් සතුටකින්ද? අපේ මුරුන්ගස්යායේ ඤානිස්සර නායක හිමියන් කවදත් ඉටුකරන ශාසනික මෙහෙවර මෙවරත් ඉටුකර ඒ උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ ආකාරය ඡායාරූප වලින් දැක බලාගෙන ඉතාමත් සතුටට පත්වුණා. මේ හිමියන් ඇතුළු මේ උත්සව වලට කවදත් සහය දෙන සියලුම හිමිවරුන්ට මෙන්ම මීට සහභාගිවූ සියලුම සැදැහැවතුන්ට නීරෝගී සුව ලැබේවා! (නි)
දැකීම සතුටක්. සහභාගිවීමට නොහැකිවීම කණගාටුවක්. තිස්ස මඩවල මහතා ,මෙවැනි දේ ගැන කලින් දැනගැනීමට සළස්වනවා නම් ඔබට (සැමට) පින්! ස්තුතියි! (නි)