(අමල් වික්‍රමරත්න)
ගාල්ල ධීවර වරායෙන් මුහුදුගිය බහුදින ධීවර යාත්‍රාවක ගමන්කළ ධීවර පිරිසකට ත්‍රිකුණාමලය සිට මුහුදු සැතපුම් 200 කට පමණ දුරින් මුහුදේ පාවෙමින් තිබූ පාරුවක තිබී සීවලී මහරහතන් වහන්සේගේ රුවට සමාන පිළිම කිහිපයක් සහ දැවයෙන් හා සිමෙන්තියෙන් නිමවා ඇති නිර්මාණ රැසක් හමුවී තිබේ.
ඔවුන් ඒවා ගාල්ල මාගාල්ල කච්චිවත්ත පුරාන විහාරස්ථානයට භාර දී ඇත.
ගාල්ල මාගාල්ල කච්චිවත්ත පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති උළුවිටිකේ බෝධිසීහ හිමි එම පිළිම පිළිඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.
‘බුරුම රටේ එහෙමත් නැත්නම් මියන්මාරයේ පුද පුජා පවත්වන ක්‍රමයක් ලෙස ඔවුන් මෙම පුජා විධි ක්‍රමය පවත්වනවා.
ඉතාම අලංකාරවත් ලෙස සකස්කරන වහලය සහිත මණ්ඩපයක මෙම පිළිම හිදුවා එය පාරුවක තබා මුහුදේ පාකිරීම මියන්මාරයේ සිදු කෙරෙනවා. මෙම පිළිම එසේ මුහුදේ පාවී පැමිණි පිළිම ලෙස යැයි මම හිතනවා.‘ ඒ හිමියෝ පැවසූහ.
2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාරුවක තිබූ පිළිමයක් මාගාල්ලේ පන්සලකට දීලා