(හාලිඇල- විජේරත්න රත්නායක)
ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීම උදෙසා සංවිධානය කෙරුණු පොල්ගැසීමක් සහ විරෝධතා උද්ඝෝෂණයක් අද (10) හාලිඇල නගරයේදී පැවැත්විණි.
හාලිඇල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත කන්නන්ගර මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කොට තිබූ මෙම විරෝධතාවයට ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හා වියළුව එ.ජා.ප. සංවිධායක ර.මු.රත්නායක, ඌව පළාත් සභා එ.ජා.ප. මන්ත්‍රී එම්.සචිත්තානන්දන් යන මහත්වරු සහ හාලිඇල ප්‍රාදේශීය සභාවේ එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගි වූහ. මෙම පිරිස විරෝධතා වැකි ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් හාලිඇල බෝගහමඩිත්තේ සිට හාලිඇල නගරය තෙක් විරෝධතා පාගමනින් ගොස් හාලිඇල නගරයේදී කළ උද්ඝෝෂණය අවසානයේ පොල්ගැසීම සිදුකළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd