(හාලිඇල- විජේරත්න රත්නායක)
ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීම උදෙසා සංවිධානය කෙරුණු පොල්ගැසීමක් සහ විරෝධතා උද්ඝෝෂණයක් අද (10) හාලිඇල නගරයේදී පැවැත්විණි.
හාලිඇල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත කන්නන්ගර මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කොට තිබූ මෙම විරෝධතාවයට ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හා වියළුව එ.ජා.ප. සංවිධායක ර.මු.රත්නායක, ඌව පළාත් සභා එ.ජා.ප. මන්ත්‍රී එම්.සචිත්තානන්දන් යන මහත්වරු සහ හාලිඇල ප්‍රාදේශීය සභාවේ එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගි වූහ. මෙම පිරිස විරෝධතා වැකි ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් හාලිඇල බෝගහමඩිත්තේ සිට හාලිඇල නගරය තෙක් විරෝධතා පාගමනින් ගොස් හාලිඇල නගරයේදී කළ උද්ඝෝෂණය අවසානයේ පොල්ගැසීම සිදුකළහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරෝධය පා හාලිඇල උද්ඝෝෂණ..