(චමිල් රූපසිංහ)
පේරාදෙණිය පාලම මතදී අද (31) ත්‍රීරෝද රථයක් ගිනිගෙන ඇති අතර පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශය විසින් මහනුවර ගිනි නිවීමේ ඒකකයේ රථයක් ගෙන්වා ගින්න නිවා දැමූ බව පේරාදෙණිය පොලිසිය පවසයි.
බදුල්ලේ පදිංචි එකම පවුලේ මව පියා හා දරුවන් දෙදෙනා සමඟ කුරුණෑගල ගොස් ආපසු බදුල්ල බලා යන අවස්ථාවේදී මෙම ත්‍රී රෝද රථයේ ඇතිවූ දෝසයක් මත ගින්න ඇතිවී ඇති බවත් ගින්න ඇතිවූ අවස්ථාවේදී එහි ගමන් කළ පවුලේ සියලු දෙනාම කිසිදු අනතුරකින් තොරව එම රථයෙන් එලියට පැමිණ ඇති බවද පොලිසිය පවසයි.
ගින්නෙන් ත්‍රී රෝද රථය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර එහි ගමන් කළ මගීන්ට කිසිඳු අනතුරක් සිදුවී නැති බවද පොලිසිය පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd