(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය 10 කණුව ප්‍රදේශයේ පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කරමින් සිටි කම්කරුවකු එයට යටවී මරණයට පත්වී ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
හියගොස් ඇත්තේ මැල්ලන්කුලම කොට්ටුකච්චිය පදිංචි 42 හැවිරිදී චමින්ද සම්පත් කුමාර නැමැති දෙදරු පියෙකි.
එම තැනැත්තා 10 කණුව ප්‍රදේශයේ නිවසක දෛනික කුලී පදනමට ගොස් සිටියදී එම නිවැසියන් විසින් පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කිරීමට දී තිබේ.
ඔහු සමඟ තවත් දෘෂ්‍ය ආබාධිත අයකු සමඟ මෙම පැරණි ගොඩනැගිල්ල ඉවත් කරමින් සිටියදී එයට යටවී ඇති බව පොලිසියි කියයි.
ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේදී මරණයට පත් තැනැත්තා සමඟ රැඳී සිටි පුද්ගලයා ඉවතට පැන ගැනීමේන් ජීවිතය බේරා ගෙන ඇත.
සිද්ධියෙන් බරපතල තුවාල ලබා සිටි තැනැත්තා රෝහල් ගත කිරීමට කිසිවෙකු සිට නොමැති බවත් ඔහු එම ස්ථානයේදීම මරණයට පත්වන්නට ඇති බවත් පොලිසිය පවසයි.
එම ස්ථානයට පැමිණි ආණමඩුව හදිසි මරණ පරීක්ෂක ආර්. එම්. තිලකවර්ධන මහතා දේහය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණය සඳහා පුත්තලම මූලික රෝහලට රැගෙන යාමට පොලිසියට නියෝග කර තිබුණි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පැරණි ගොඩනැගිල්ලකට යටවී පුද්ගලයෙක් මරුට