පරිගණක පීඨයක් ආරම්භ කිරීම මගින්  අප රටේ රැකියා ගැටලුව සදහා නිසි විසදුමක් ලබාදිය හැකි බවත් එය රටේ  සමස්ත සංවර්ධනයට ද විශාල  ආයෝජනයක් බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ නව පරිගණක  හා තාක්ෂණ පීඨය   විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්  උසස් අධ්‍යාපන අමාත්‍යවරයා  පැවසුවේය.  තාක්ෂණික ඥානය හා පරිගණක දැනුම හිඟකම  ලංකාවේ සංවර්ධනයට බාධාවක් බවත් ක්‍රමක්‍රමයෙන්  එය වර්ධනය කරගතයුතු බවත් ඒ සඳහා කැලණිය විශ්වවිද්‍යාලය  ගන්නා උත්සහය  අගය කරන බවත්  අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින්  වැඩිදුරටත් පැවසීය. ජනාධිපතිතුමා විසින් නව පීඨය  සඳහා එවන ලද සුබපැතුම් පණිවිඩයද අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළේය.

0T6A0855 0T6A0794 0T6A0760 0T6A0693