ඉතාලියේ නාපොලි සහ මිලානෝ යන නගර වල වසර 20කට අධික කාලයක් සේවය කර නිවාඩුවක් ගත කිරිම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දුම්රිය අනතුරට පත්වූ පිය පුතු දෙදෙනකු සිහි කිරිමට ඔවුන්ගේ ඉතාලි මිතුරන් මගී ආවරණයක් ඉදි කර පසුගියදා ජනතා අයිතියට පවරා දුන්නේය
තම කැබ් රියෙන් යමින් සිටි සිටි පිය-පුතු දෙදෙනකු වෙන්නප්පුව - බණ්ඩිරිප්පුව අනාරක්ෂිත දුම්රිය මාර්ගයේහිදී මෙම අනතුර වී තිබුණි.
වෙන්නප්පුවේ පදිංචිව සිටි සුජීව ප්‍රනාන්දු සහ ඔහුගේ පුතු සිතුර සංජීව ප්‍රනාන්දු සිහිකිරීමට සිදු කළ මෙම පුණ්‍ය කර්මයට සුජීවගේ මවත් සොහොයුරන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා ඇතුලු මිතුරන් පිරිසක් සහභාගී වූහ.
ඉදිරියේදී මියගිය පිය-පුතු සිහිකර තවත් වැඩසටහන් සංවිධානය කිරීමටද කටයුතු යොදා ඇත.





COMMENTS
සෙරටම කලින් ඡන්ද පෝස්ටර් අලවලා නේද ? (ර)
පළමුකොටම ඔබ දෙපලට සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් එම පවුලේ ඥාතීන්වෙත කණගාටුව අවංකවම පළ කරන්නෙමි. ඉතාම ආදර්ශවත් වගේම පින්කටයුතු කර්තව්යඥයක්. අපේ රටේ දේශපාලකයොත් ලයිට්කනුවක් ගානේ බැනර් පෝස්ටර් එල්ලනවාට වඩා මේ වගේ මිනිසුන් දහස් ගණනකට සේවය සැලසෙන කාර්යන් කිරීමට තමයි තමන්ගේ සිත යොමුකරන්නට ඕන.(හේ)
හොද වැඩක්. ඔවුන්ට නිවන් සුව අත්වේවා! (ර)
හරිම කණගාටු සිද්ධියක්. සමාදානයේ සැතපේවා කියා ප්‍රර්ථනා කරමි. (ර)
ආදර සුජීව - සිතුර ඔබ දෙපලට මොක්සුව පතමු .(හේ)
ඔබගේ සහ පුතුගේ වියෝව අපට මහත් දුකකි .. සදා මොක්සුව පතමු.(හේ)
ඉතා හොද වැඩක් .. අගය කළ යුතු වැඩක් .. තවත් මෙවන් හොඳ දේවල් ඔවුන් වෙනුවෙන් කිරිමට මේ සදහා දායක වෙන්න.(හේ)
ඔබ දෙපල නමින් වෙන්නප්පුවේ බස් හෝල්ට් දෙකක් සදා තිබෙනවා මා දුටුවෙමි. ඔබ දෙපලට මොක් සුව පතමු (නදී)
ඉතාමත් හොඳ දෙයක්! මේ පින්බලෙන් සසර වසනතුරු හොද ආත්මයක් ලැබේවා! අකල් මරණයක් නොවේවා! (නි)