(ඩබ්ලිව්. ඒ. අසේල)
 

ගලහ පුපුරැස්ස මාර්ගයේ වෙදහැට ප්‍රදේශයේ  තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගලහ පොලීසියේ නිලධාරීන් හා ගම්පොල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අද (30) සොයාගෙන ඇත.
 
මෙම පුපුරණ ද්‍රව්‍ය අතර වෙඩි බෙහෙත් ග්‍රෑම් 2800ක්, ඇමෝනියා ග්‍රෑම් 1700ක්, ජෙලග්නයිට් නිල් පැහැති කරල්  හා සාමාන්‍ය සේවා නූල් මීටර් 14ක්  තිබී ඇත.

 
මෙම පුපුරණ ද්‍රව්‍ය කවුරුන් හෝ විසින් මෙම මාර්ගය අසළ දමා යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

ගලහ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් සොයා  පරීක්ෂණ  පවත්වනු ලැබේ.