ජුඩ් සමන්ත
පා පැදියක් ඇළකට වැටීමෙන් එය පදවාගෙන ගිය කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව උඩප්පුව පොලීසිය කියයි.
ඊයේ (15) සවස මුන්දලම - කීරියන්කල්ලිය ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවී ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ පදිංචිකරුවෙකු වන මොහොමඩ් කාසිම් නිශාර් (7) වේ.
මවගේ නැගණියකගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වීම සඳහා මිය ගොස් ඇති දරුවා තම මව්පියන් සමඟ පැමිණ ඇත.
සෙසු දරුවන්ගේ දැනුම්දීම මත අසල්වැසියන් පැමිණ දියේ ගිලී ගිය දරුවා සොයා ගෙන මුන්දලම දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් දරුවා මිය ගොස් සිට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd