IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පානීය ජලය ඉල්ලා මහානාගපුර ගම්වැසියෝ විරෝධතාවක


 
වසන්ත චන්ද්‍රපාල 
 
මහානාගපුර ගම්මානය ඇතුලු ගම්මාන කිපයකට පානීය ජලය ලබාදෙන ලෙස ඉල්ලා ගම්මානයේ වැසියෝ පන්නල්ගම අම්පාර මාර්ගය අම්බලන්ඔය වැව් බැම්ම අසලින් අවහිර කරමින් විරෝධතාවයක නිරතවූහ.
 
පසුගිය රජය සමයේ මෙම ගම්මානවලට ජලය ලබාදීම සඳහා ප්‍රධාන මාර්ගයේ බට එලා අතුරු මාර්ගවලට බට එලිම සඳහා  අවශ්‍ය බට ගෙනවිත් දමා තිබූ බවත්,    ආණ්ඩු පෙරළියෙන් පසුව එම බට නැවත රැගෙන ගිය බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
 
අද පෙරවරු හයට ආරම්භ කරන ලද මෙම විරෝධය නිසා පන්නල්ගම - අම්පාර මාර්ගයේ ගමනා ගමන කටයුතු මුලුමනින්ම අඩාල විය. මෙම විරෝධතාවය නිසා පන්නල්ගම සිට අම්පාර බලා ධාවනය වෙන ලංගම බස්රථ සහ පෞද්ගලික බස් රථ ධාවන නොවීම නිසා මෙම ප්‍රදේශවලින් අම්පාර නගරයේ පාසැල් වලට යන දරුවන්ට පාසැල් යෑමටද නොහැකි විය.
 
 පැය හයක කාලයක් මාර්ගය අවහිර කරමින් මෙම පිරිස විරෝධතාවයේ යෙදුන අතර එම ස්ථානයට පැමිණි දමන සහකාර ප්‍රදේශයේ ලේකම් එම්.ඒ.සී.ඒ. සාපීර් මහතා සහ දමන ප්‍රාදේශිය සභාවේ මහින්ද මංගල ගුණවර්ධන මහතා විරෝධතාකරුවන් සමග මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කළහ.
 
පානීය ජලය නොමැතිකම නිසා තමන් විඳන පිඩාව පිළිබඳව ගම්වැසියෝ  ඔවුන්ට කරුණු පැහැදිලි කළහ. මෙම ජල යෝජනා ක්‍රමය සඳහා රුපියල් මිලියන 15 ක මුදලක් දිසාපති කාර්යාලයට ලැබීමට නියමිත බවත්, එය ලැබුණු විගස මෙහි බට එලීම සිදුකරන බවත් සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.



අදහස් (0)

පානීය ජලය ඉල්ලා මහානාගපුර ගම්වැසියෝ විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14153 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 195 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site