(හේමලතා ඩී හේවගේ)
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යක්විල - වැලිපැන්නගහමුල්ල මාර්ගයේ ජයගම ප්‍රදේශයෙන් බෝක්කුවක් කැඩී යෑම නිසා මාර්ගයේ කොටසක් මේ වනවිට වසා දමා ඇත.
අධික වර්ෂාවත් සමඟ වේගවත් ජල කඳක් ගලායෑමෙන් බෝක්කුව යටින් කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටී ඇති අතර මෙම මාර්ගයේ අබලන් තත්වය නිසා මේ වනවිට යතුරුපැදි හා ත්‍රී රෝද රථවලට පමණක් මාර්ගයේ ගමන් කිරිමට ඉඩ සලසා දී ඇත.
මෙම මාර්ගයේ දෛනිකව ගමන් ගන්නා ලංගම හා පුද්ගලික බස් රථ සේවාවන්ද මාර්ගයේ අබලන් තත්වය මත නවතා දමා ඇති අතර මගී ජනතාවද මේ හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd