IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


පොන්නම්බලම් රාමනාදන් ගුණ සැමරේ

පොන්නම්බලම් රාමනාදන් මහතා සැබෑ මානව හිතවාදියෙකු ලෙස භේදයකින් තොරව සියලු ජනතාවට සේවය කළ බවත් ඔහු තුළ ජාතිවාදයක් නොතිබුණු බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතා පැවසීය.

දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී අද(30) පැවති 86 වැනි පොන්නම්බලම් රාමනාදන් ගුණ සමරුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය

  “රාමනාදන් මහතා තමන්ගේ පුද්ගලික ඉඩකඩම් විශාල ප්‍රමාණයක් පාසැල් සහ කොවිල් වලට පරිත්‍යාග කරල තියෙනවා. නාත්තන්ඩියෙ අක්කර 500ක් කෝවිලක් හදන්න දීල තියෙනවා. රාමනාදන් හා පරමේශ්වරන් පාසැල් වලට අක්කර 25 බැගින් දීල තියෙනවා. අද ඉන්න දේශපාලකයින් මෙවැනි දේ කරන්නේ නැහැ. ඔවුන් හොයන්නේ සල්ලි ලැබෙන මාර්ග. මුදල් ඉඩකඩම් පරිත්‍යාග කරන්නේ නැහැ. ඒ නිසයි අපි රාමනාදන් මහතා වැනි අයට ගරු කළ යුත්තේ. උතුරේත් දකුණේත් අසරණ මිනිසුන්ගේ කඳුළු වලට ජාතියක්, ආගමක් නැහැ. අපි හැමෝම මානවයන් ලෙසයි ඉපදී ඇත්තේ, එකම රුධිරයයි හැම සිරුරකම දුවන්නේ. ඒ නිසා හැම කෙනකුම අනිකාට ගෞරව කළ යුතුයි. අපි එකම ජාතියක් ලෙස සහෝදරත්වයෙන් ජීවත් විය යුතුයි. පොන්නම්බලම් රාමනාදන් මහතාගේ ජීවන දර්ශනය එයයි. “යැයි ඔහු පැවසීය.

මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ද මේ අවස්ථාවට එක්විය.

37 38 39 40



අදහස් (0)

පොන්නම්බලම් රාමනාදන් ගුණ සැමරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 99 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site