IMG-LOGO

පානදුර බස් වර්ජනයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

ඒකාබද්ධ කාල සටහනකට පටහැනිව ලංගම බස් රථ රියැදුරන් මගීන් ප්‍රවාහනය කිරීමට විරෝධය දක්වමින් රයිගම්පුර බස් සමගමට අයත් පෞද්ගලික බස් රථ රියැදුරෝ අද(25) ධාවනයෙන් වැළකී පානදුර ප්‍රධාන බස් නැවතුම්පළෙහිදී විරෝධතාවක් පැවැත්වූහ.
 
පානදුර - රත්නපුර, පානදුර - මහබෙල්ලන, පානදුර - හොරණ, පානදුර - අටුලුගම, පානදුර - අගුරුවාතොට ආදී මාර්ග කිහිපයක ධාවනයේ යෙදෙන බස් රථ 100කට අධික ප්‍රමාණයක රියැදුරෝ සහ කොන්දොස්තරවරු ධාවනයෙන් වැළකී ඊට විරෝධය දැක්වූහ.
 
රයිගම්පුර බස් සංගමයේ ලේකම් නිමල් පයාගලගේ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
 
“මේ ගැටලුව වසර දෙකක පමණ කාලයක් තිස්සේ තිබෙනවා. අපි බස්නැවතුම්පළෙන් මගීන් අරගෙන යන්න සූදානම්වෙද්දී, පානදුර සහ හොරණ ඩිපෝවලට අයත් ඇතැම් බස් රථ විශේෂයෙන් පානදුර දුම්රිය ස්ථානයේ මගීන් රැගෙන නොයෙකුත් මාර්ගවල ගමන් කරනවා.
 
ඊට අමතරව කාලසටහනට පටහැනිව අමතර මගීන් රැගෙන යනවා.
 
ලංගම බස් රථ රියදුරන් පිරිසක් කාල සටහනට බස් ධාවනය කරද්දී තවත් පිරිසක් මගීන්ව නොයෙක් ස්ථානවලින් ඔවුන්ට කැමති ආකාරයට රැගෙන යනවා. ඊට අපි මෙසේ විරෝධය දක්වනවා” යැයි පැවසීය.



අදහස් (1)

පානදුර බස් වර්ජනයක්

janahitha Tuesday, 25 June 2019 11:17 AM

පුද්ගලික බස් මාෆියාවෙන් මගීන් බේරාගැනීමට සියලු ඒකාබද්ධ කාලසටහන් අවලංගු කරනු වටී.මිනිසත් ලංගමට සදා ජය!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 670 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 504 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site