චන්දන ප්‍රනාන්දු
ලිහිරියාගම මැල්වත්ත ප්‍රදේශයේ පිරිසක් අතර ඇති වු ගැටුමක් අතරතුර පොල්ලකින් පහර දී ඝාතනය කිරිමට තැන් කිරිම සම්බන්ධයෙන් වසරකට පසු අයෙක් ඊයේ (6) සැකපිට අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැල්වත්තේ පදිංචි 30 හැවිරිදි අයෙකි.
2017 මාර්තු මාසයේ පිරිසක් අතර මැල්වත්ත ප්‍රදේශයේ ඇති වු ගැටුමකින් අයෙක් බරපතල තුවාල ලබා කතා කිරිමට හෝ අදහසක් දැක්වීමට නොහැකිව රෝහල් ගතකර ඇති බවත් එම තැනැත්තාට පහර දුන් පුද්ගලයාව පවා සොයා ගැනිමට සාක්කි නොමැතිව සිටි බව පොලිසිය කියයි.
මෙම ගැටුම සිදු වු අවස්ථාවේ එහි සිටි අයෙක් සාක්ෂිකරුවෙක් ලෙස ඉදිරිපත් වි නඩුවාර කීපයකට අධිකරණයට පැමිණ ඇති බවත් පහර කෑමෙන් තවමත් කතා කර ගැනිමට නොහැකි සිටි පුද්ගලයා තමන් වෙනුවෙන් සාක්ෂි දීමට පැමිණි පුද්ගලයා තමන්ට පොල්ලකින් පහරදි මාරාන්තික තුවාල සිදුකළ පුද්ගලයා බව හඳුනාගෙන එම පුද්ගලයාගේ නම ලිඛිතව නඩුකාර තුමාට ලබාදීම නිසා මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග පිට සාක්ෂිකරුව සැකකරු ලෙස අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd