IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


පිදුරංගල නිධන් හැරූ 5 ක් අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)

 

ඓතිහාසික සීගිරි සහ පිදුරංගල ආසන්නයේ පිදුරංගල වෙළ ප්‍රදේශයේ ඉපැරණි ගල්කණු සහිත නටබුන් ඇති ස්ථානයක නිධන්  ගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි පුද්ගලයන් 5 දෙනෙකු අද (4)  සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය පොලිසිය පවසයි.

මීට දින කිහිපයකට ඉහතදී  සීගිරිය පව්වට  කිලෝමීටර් 1 1/2 පමණ දුරින් රාම කැලේ ප්‍රදේශයේ ද සංවිධානාත්මක කණ්ඩායමක් අක්කර 10ක පමණ භූමියක් නිධන් හාරා විනාශ කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සීගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව් දෙනකු සහ සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය සඳහා පැමිණ සිටි කඳාන ප්‍රදේශයේ පුද්ගලයකු බව සීගිරිය පොලිසිය කියයි.

සීගිරිය පව්වත්  පිදුරංගල  ඉතා ආසන්නයේ කුඹුරු යායක ඉපැරණි ගල්කණු මතුවී කාලයක සිට පැවත තිබේ. ඒ අනුව මෙම කණ්ඩායම මෙහි නිධානයක් ඇති බව පවසා මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කර තිබේ.

මෙම පුද්ගලයන් සතුව තිබූ අලවංගු උදලු පූජා භාණ්ඩ ආදී උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

පිදුරංගල නිධන් හැරූ 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32364 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14872 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site