(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ජයකොඩි)
වේයන්ගොඩ කුඹල්ඔළුව ප‍්‍රදේශයේ අවමංගල නිවසක් ආසන්නයේදී අද(20) පුද්ගලයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තියුණු ආයුධයකින් කැපුම් තුවාල ලත් අයෙකු මිය ගොස්, තවෙකකු බරපතල තුවාල ලබා ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ වේයන්ගොඩ කොට්ටල ප‍්‍රදේශයේ පදිංචිව සිටි ආර්.ඒ. සත්‍යනාත් ශෂික රණසිංහ 29 නැමැත්තෙකි. තුවාල ලබා ඇත්තේ ගල්ගමුව ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන 37 හැවිරිදි මධුක සුමිත් කුමාර නැමැත්තෙකු බව පොලිසිය කියයි.
අවමඟුල් නිවසට පැමිණ සිටියදී ඇතිවූ බහින් බස්වීමකින් පසුව ඒ ආසන්නයේදී මෙම ආරඅවුල ඇතිවී ඇති අතර එහිදී සිදුවූ කැපුම් ප‍්‍රහාරයට ලක්ව තුවාල ලත් දෙදෙනා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී එක් අයකු මියගොස් ඇති බව හෙළි වී ඇත. අනෙක් තුවාලකරුගේ තත්ත්වයද බරපතල බව රෝහල් ප‍්‍රකාශකයෙක් කීය.
ප‍්‍රහාරය කළ පුද්ගලයා පලාගොස් ඇති අතර ඔහු හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි. ඔහු සමග තවත් පුද්ගලයින් දෙදෙනෙකු සිටි බවට ලැබී ඇති තොරතුරුවල සත්‍යතාවය සොයා බැලීමට පොලිසිය පියවර ගෙන ඇත.
මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය හා මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුද්ගලයන් දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට