IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ආරච්චිකන්ද රෝහලට කොරෝනා වාට්ටුවක්

 

(සිරංගිකා ලොකුකරවිට, සුසිල් ප්‍රියන්ත  සහ දීපාල් ද සිල්වා)

කොරෝනා රෝගීන් සඳහා වෙන්කිරීමට තීරණය කර ඇති හික්කඩුව ආරච්චිකන්ද රෝහල වෙනුවෙන් පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල අද (18) ජනතා අයිතියට පත්කරන ලදී.

ගෝනාපීනුවල පදිංචි ආර්.කේ.කුලතිස්ස මහතා (87) සහ එම මහත්මිය (86) විසින් තම ව්‍යාපාරවලින් උපයාගත් මුදලින් රුපියල් ලක්ෂ 500කට ආසන්න මුදලක් වැය කර මෙම වාට්ටුව ඉදිකර තිබේ.

දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර ඇති එය රසායනාගාරයක්, වෛද්‍ය හා හෙද විවේකාගාර ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය.

ගෝනාපීනුවල දී උපත ලද කුලතිස්ස මහතා තිස්සමහාරාම ප්‍රදේශයේ ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකු වන අතර ඉන්ධන පිරවුම් හල්, පුවත්පත් බෙදාහැරීමේ ආයතන, සිල්ලර වෙළෙඳ සැල් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි ව්‍යාපාර ඔහු විසින් පවත්වාගෙන ගොස් තිබේ.

 පාසල් ගුරුවරියක වූ සිය බිරිඳ සමඟ මේ ව්‍යාපාර දියුණු කළ හෙතෙම ව්‍යාපාරවලින් උපයාගන්නා ධනය පොදු කටයුතු සඳහා වැය කරයි.

මෙම රෝහල ඉදිකිරීම පිළිබඳ අදහස් දැක්වූ ආර්.කේ.කුලතිස්ස මහතා මෙසේ කීවේය.

“මම දැන් ව්‍යාපාරකටයුතු වල යෙදුනත් ඒක වෙනත් අයට භාරදීලා තියෙන්නේ. ගොඩක් ආගමික වැඩ කටයුතු වලටම මුදල් යෙදෙව්වා. ඒ වගේ ම මගේ ලොකු ආසාවක් තිබුණා රෝහලක් හදන්න. ඒක තිස්ස මහාරාමයේ කරන්න හදනවිට පවුලේ අනිත් අයගෙන් ඉල්ලීමක් තිබුණා ගමේ රෝහලේ වාට්ටුවක් හදන්න කියලා. මගේ ආසාව තිබුණේ ළමා හා මාතෘ වාට්ටුවක් හදන්න. ඒ සඳහා තමයි ආර්.කේ.කුලතිස්ස සුව සෙවණ හැදුවේ.

නමුත් දැන් සෞඛ්‍ය අංශ අපෙන් ඉල්ලීමක් කළා මේ වාට්ටුව කොරෝනා රෝගීන්ට දෙන්න කියලා. මොනවා වුණත් ලෙඩ්ඩු ඇතුළු කරන්නනේ දෙන්නේ. ඉතින් අපි මේ වෙලාවේ කඩිනමින් මේක භාර දෙනවා. තට ටිකක් අඩුපාඩු තියෙනවා. කොරෝනා වසංගතය ඉවරවුණාම නැවත ඒ අඩුපාඩු ටික අපි සම්පූර්ණ කරලා ළමා හා මාතෘ වාට්ටුව්ක් මෙහි ඇතිකරන්න කටයුතු කරනවා.”

මෙම ගොඩනැගිල්ල විවෘතකිරීමේ අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහොන් පී. ද සිල්වා මහතා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණගම මහතා, ගාල්ල දිස්ත්‍රික් සම්න්ධීකරන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ඇතුළු මැති ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

 



අදහස් (0)

පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ආරච්චිකන්ද රෝහලට කොරෝනා වාට්ටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site