(අනීෂා මානගේ)
ද්වි පුද්ගල ඝාතනයක් සඳහා සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බෙලිඅත්ත පොලිසිය පවසයි.
ඔවුන් සතුව තිබි කඩු දෙකක්, යකඩ පට්ටමක් හා ත්‍රී රෝද රථයක් පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් බෙලිඅත්ත විස්කම්පුර හා ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
දුරකථන ඇමතුමෙන් ලද තොරතුරු වලට අනුව එම ස්ථානයට පොලිස් නිලධාරින් ආසන්න වන විට ඝාතකයන් ඝාතනය සිදුකිරීමට සැලසුම් කළ නිවස අසල ත්‍රී රෝද රථයක් නවතා තිබී ඇති අතර පොලිස් ජිප් රථය දුටු සැනින් සැකකරුවන් සිව් දෙනෙකු ත්‍රීරෝද රථයේ නැගී පලා ගොස් තිබේ.
ත්‍රී රෝද රථයේ ඉදිරිපස පාපිස්නා යට තිබී අඩි තුන හමාරක් පමණ දිගැති කඩුවක්, අඩි දෙකහමාරක් පමණ දිගැති කඩුවක් හා විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී පලාගිය සැකකරුවන් පිළිබදව තොරතුරු පවසා තිබේ. ඒ අනුව තවත් සැකකරුවෙක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රදේශයේදී අද (18) අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ද්විපුද්ගල ඝාතනය සිදුකිරීමට සැලසුම් කළ බවද එය සැලසුම් කළ ආකාරය පිළිබඳව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.
2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුද්ගල ඝාතනයට සුදානම් වු දෙදෙනෙක් බෙලිඅත්තෙන් අත්අඩංගුවට