(බුද්ධික කුමාරසිරි)
පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බල ප‍්‍රදේශයට අයත් සමෘද්ධිලාභීන් 600කගේ පමණ සමෘද්ධි දීමනාව කපා දැමීමට කටයුතු කර ඇතැයි පවසමින් සමෘද්ධිලාභීහු හා ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ අද(12) පාදුක්ක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක යෙදුණහ.
ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවෝ එහි පිවිසුම් දොරටුව අහුරා වාඩි වී විරෝධතාවයේ යෙදුණු අතර මේ හේතුවෙන් ලේකම් කාර්යාලයට රාජකාරී කටයුතු සඳහා පැමිණුන නිලධාරීන්ට මෙන්ම තම රාජකාරී අවශ්‍යතා සඳහා පැමිණි ජනතාවට බාධා ඇති විය.
පාදුක්ක, හංවැල්ල, හෝමාගම පොලිසිවල නිලධාරීන් 100කට ආසන්න පිරිසක් ද එහි ආරක්ෂාවට කැඳවනු ලැබ සිටියහ.
පැය දෙකක් පමණ විරෝධතාවයේ යෙදුණු පිරිස පසුව පාදුක්ක සහකාර ප‍්‍රාදේශීය ලේකම් බී. ඒ. දමින්ද චින්තක මහතාට තම විරෝධය ඇතුළත් ලිපියක් භාර දීමෙන් අනතුරුව විසිර ගියහ.


2025 නොවැම්බර් මස 04
693
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2361
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාදුක්ක ප්‍රා ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්
gama Wednesday, 12 July 2017 08:04 AM
මා හට හැගෙන්නේ මේ නෝනා මහත්වරුන් කිසිම අඩුපාඩුවකින් තොරව ජීවිත් වන පිරිසක් වන බවයි. එමනිසා පාදුක්ක ප්‍රා. ලේකම් කාර්යාලය විසින් නිවැරදි තීරණයක් ගෙන ඇත .