(ජේ.කේ.එල්.චාමින්ද සහ සිරිනිහාල්ගමගේ)
වෙසක්පුන් පෝය දින රාත්‍රියේ බීමත්ව කලහකාරි ලෙස හැසිරෙමින් වදුරඹ පහළ ලේල්වල ප්‍රදේශයේ නිවසක සිටි නිවැසියන්ට පහරදීමට තැත් කළ තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බැව් වදුරඹ පොලිසිය පවසයි.
සැකකාර තරුණයින් තිදෙනා මාතර හා යටලමත්තය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඔවුන් වයස අවුරුදු 20, 23, 24යන වයස් කාණ්ඩවල පසුවන අය බවද පොලිසිය පවසයි.
මොවුන් ත්‍රී රෝදරථයකින් නිවසට පැමිණ ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. තරුණයින් තිදෙනා බීමත්ව සිට ඇති අතර ඔවුන් කලහකාරී ලෙස හැසිරෙමින් නිවැසියන්ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවද පොලිසිය පවසයි.
පොලිසිය ලද තොරතුරකට අනුව සැකකාර තරුණයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පෝදා රැයේ කලහකාරීව හැසිරුණු 3ක් අත්අඩංගුවට