(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම මුලික රෝහලේ හෙද හෙදියන් සේවයට වාර්තා නොකර ලෙඩ නිවාඩු දැමීම හේතුවෙන් සියලුම ඒකකවල වැඩ කටයුතු අද (18) අඩාල වී තිබෙනු දැකගත හැකි විණි.
පුත්තලම මුලික රෝහලේ නියමිත කාලය ඉක්මවමින් වසර 7, 8 ,10 ,11, සේවය කළ හෙද හෙදියන් 15 දෙනෙකුගේ නියමිත කාලවකවානු වලදී ස්ථානමාරු ලබා නොදීමට විරෝධය පළකර එම ස්ථානමාරු වහාම ක්‍රියාත්මක කරන ලෙසට බල කරමින් රෝහලේ සමස්ත හෙද කාර්ය මණ්ඩලයෙන් 160 කට ආසන්න ප්‍රමාණයක් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කර නොතිබු බව බව රෝහල් බලධරයකු පැවසීය.
නමුත් රෝහලේ හදිසි සහ අනිකුත් කටයුතු වෙනුවෙන් හෙද හෙදියන් 13 දෙනෙකු එක්ව සිටිනු දැකගත හැකිවිය.
සේවා කාලසීමාව ඉක්මවමින් පුත්තලම මුලික රෝහලේ සේවය කළ හෙද හෙදියන් 23 දෙනෙකුට අදාළ ස්ථානමාරු ලබාදෙන ලෙස ඉල්ලමින් පසුගිය මාර්තු 22 වැනි දා රෝහල් භුමියේ උපවාසයක්ද අරඹා තිබුණි.
එහිදි රෝහල් අධ්‍යක්ෂවරයා විසින් 8 දෙනෙකුට ස්ථානමාරු ලබාදීමට පියවර ගෙන තිබුණ ද ඉතිරි පිරිසට මෙතෙක් ස්ථානමාරු ලබා නොදීමට විරෝධය පළකරමින් අද (18) කර ලෙඩ නිවාඩු ලබාගෙන තිබේ.
හෙද වැඩවර්ජනය පැවතුණද බාහිර රෝගී අංශය පමණක් ක්‍රියාත්මක වුවද බාහිර රෝගී අංශයේ ලේ සාම්පල ලබා ගැනිමේ ඒකකය වසා තිබුණු අතර එයට අමතරව සියලුම සායන සඳහා හෙද කාර්ය මණ්ඩලය සහභාගී නොවු බව දැකගත හැකිවිය.



2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුත්තලම රෝහලේ හෙද හෙදියෝ ලෙඩ නිවාඩු දමති