( ඔගස්ටින් ප‍්‍රනාන්දු )
පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා විසින් අඹකඳවිල මීසම පාලනාධිපති පියතුමාට දේවස්ථාන භුමිය තුළදී තර්ජනය කරනු ලැබ ඇති බවට පැමිණිල්ලක් අද (26) ලැබුණු බව හලාවත පොලිසිය කියයි.
අඹකඳවිල ප‍්‍රදේශයේ සිදු කෙරෙන වැලි ඉවත් කිරිමක් මගින් සිදුවන මහ පරිමාණයේ පරිසර විනාශයකට එරෙහිව අලවා තිබු පෝස්ටරයකින් කුපිත වූ අදාළ මන්ත්‍රීවරයා විසින් එම විරෝධතාවේ නායකත්වය ගෙන කටයුතු කළ හලාවත පීටර් බොතේජු පියතුමා හමුවට ගොස් මෙලෙස තර්ජනය කරනු ලැබ ඇතැයි පැමිණිල්ලෙන් කියැවේ.
මේ අතර අදාළ මන්ත්‍රීවරයා විසින්ද හලාවත පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ ඇත.
පෝස්ටර් ගැලවු බව කියමින් තමන්ගේ හිතවතුන් පිරිසක් ඊයේ ( 25) රාත‍්‍රියේදී අඹකඳවිල දේවස්ථානය කරා රැගෙන යනු ලැබ ඇති බව දැන තමන් පියතුමා සමග කතා බහ කර ඔවුන් කැඳවා ගෙන පැමිණි බව මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලේ දැක්වෙයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනිමට මන්ත්‍රීවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ නමුත් මන්ත‍්‍රිවරයා නඩු කටයුත්තක් වෙනුවෙන් පුත්තලම අධිකරණය හමුවට ගොස් තිබිණි.
මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය කැඳවා පරික්ෂණයක් කරන බව හලාවත මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂණ වසන්ත හේරත් මහතා කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පුත්තලමේ මන්ත්‍රීවරයෙක් පියනමකට තර්ජනය කරයි