IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුත්තලමේ පොලිසිය මෙහෙයුමකින් සැකකරුවන් 40ක් අත්අඩංගුවට

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම පොලිස් බල ප්‍රදේශය තුල  සිදුකළ මෙහෙයුමකින් අද (2) විවිධ අපරාධ වරෙන්තුකරුවන් සහ තවත් චෝදනා වලට සම්බන්ධ සැකකරුවන් 40 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි.

පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පැය 24 ක් පුරා පැවති මෙහෙයුමට පුත්තලම කොට්ඨාසය භාර පොලිස් අධිකාරි ජේ.ඒ . චන්ද්‍රසේන මහතාගේ මෙහෙය වීමේන්  නිලධාරින් 120 කට ආසන්න ප්‍රමාණයක් යොදා ගනිමින් මාර්ග බාධක සහ මෙහෙයුම් වල  යෙදෙමින් අපරාධකරුවන් සොයා මෙහෙයුම ආරම්භ කර තිබුණි.

එහිදි මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් සැකකරුවන්  , විවිධ අපරාධ වලට සම්බන්ධව අධිකරණය මගහරමින් සිටි වරෙන්තුකරුවන්  සහ රාත්‍රී කල්ලි ගැසි සිටි පිරිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම පුත්තලම කොළඹ මාර්ගය , පුත්තලම මන්නාරම මාර්ගය , පුත්තලම අනුරාධපුර මාර්ගය, පුත්තලම කුරුණැගල මාර්ගය ඇතුළු මාර්ග කිහිපයකම පොලිස් කණ්ඩායම් කිපයක් මෙහෙයුම් වලට එක් කර තිබූ බව පුත්තලම පොලිසිය කීය.

පුත්තලම සහකාර පොලිස් අධිකාරි ජයන්ත නානායක්කාර සහ පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන යන මහත්වරු මෙම මෙහෙයුම මෙහෙයවූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්  පුත්තලම අධිකරණයට ඉදිපත් කිරිමට නියමිත බව පොලිසිය කියයි.



අදහස් (0)

පුත්තලමේ පොලිසිය මෙහෙයුමකින් සැකකරුවන් 40ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 441 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 246 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site