IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුත්තලම පොලිස් අධිකාරී - සාලියවැව ඕඅයිසීට නොතිසී

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කරුවලගස්වැව සාලියවැව ආදර්ශ මහා විද්‍යාලයේ ගුරුවරයකුගේ යතුරුපැදියට පහර දිමේ සිද්ධියේ සැකකාර  පාසල් සිසුන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම පිළිබඳව පුත්තලම පොලිස් අධිකාරිවරයාටත් සාලියවැව පොලිසියේ ස්ථානාධිපතිවරයාටත් වහාම අධිකරණයේ පෙනි සිටින්නැයි පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා පොලිස් නිලධාරීන්ට අද (8) නියෝග කළේය

දිසා විනිසුරුවරයා මෙසේ නියෝග කරනු ලැබුවේ සාලියවැව ආදර්ශ විද්‍යාලයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂය බාර ගුරුවරයාගේ යතුරුපැදියට එම විද්‍යාලයේම තවත් ගුරුවරුන් පිරිසක් සිසුන් ලවා පහරදී හානි කිරීමේ සිද්ධිය සාලියවැව පොලිස් නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකිරීමට හේතු විමසීය.

මෙහිදි දිසාවිනිසුරුවරයා අධිකරණයේදී සාලිය වැව පොලිස් නිළධාරියාගෙන් විමසා  සිටියේ මෙම අධිකරණයට ඉදිරිපත් කරන සෙසු නඩු වලදී සැකකරුවන් ඉදිරිපත් කිරීමට හැකි නම් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකිරීමට හේතු විමසා සිටියේය .

මෙහිදී දිසා විනිසුරුවරයා විවෘත අධිකරණයේදී පවසා සිටියේ නීතිය සැමට සාධාරණ විය යුතු බව පවසා සිටි මහෙස්ත්‍රාත් වැඩිදුරටත් පවසා සිටියේ මෙම සිද්ධියට කවුරුන් හෝ අත පොවා තිබේද යන්නයි.

එහිදී අධිකරණයේ පෙනි සිටි සාලියවැව පොලිස්ථානයේ නිළධාරියා අධිකරණයට පැවසු කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත් නියෝග කර සිටියේ සිද්ධියට හේතු දැක්විම සදහා පුත්තලම කොඨඨාස බාර පොලිස් අධිකාරිවරයා හා සාලියවැව පොලිස්ථානාධිපති වහාම අධිකරණයේ පෙනී සිටින ලෙසය.



අදහස් (0)

පුත්තලම පොලිස් අධිකාරී - සාලියවැව ඕඅයිසීට නොතිසී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site