(මොහොමඩ් ආසික්)
පූජාපිටිය ප්‍රාදේශීය සභාවට අනුමත මන්ත්‍රී ධූර 28 න් දෙකක් අඩු වී දැනට හිමිව ඇත්තේ මන්ත්‍රී ධූර 26 ක් පමණක් බව හෙළිව තිබේ.
පූජාපිටිය ප්‍රාදේශීය සභාව සඳහා මෙලෙස මන්ත්‍රී ධූර දෙකක් අඩු වීමට බලපා ඇත්තේ නාම යෝජනා බාර දීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනාවෙන් නම් දෙකක් ප්‍රතික්ෂේප වීමත් එලෙස ප්‍රතික්ෂේප වූ අපේක්ෂකයින් දෙදෙනා නියෝජනය කළ කොට්ඨාස දෙක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබීම නිසාත් බවද හෙළි වෙයි.
මෙම මැතිවරණයෙන් පූජාපිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොට්ඨාස 14ක ජයග්‍රහණය කර තිබුණද ඔවුනට හිමිව ඇත්තේ මන්ත්‍රී ධූර 12 ක් පමණක් බවද ඔවුහූ ප්‍රකාශ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd