ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් පෙබරවාරි 14 වැනි දින ක්‍රියාත්මක කෙරෙන “පුංචි හදට සුවය දෙන්න“ මනුෂ්‍යත්වයේ පාගමන සහ අරමුදල් එකතු කිරීමේ වැඩසටහන අඟහරුවාදා (14) පෙරවරු 8ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වේ.
පාගමන කොළඹ කොටුවේ සිට බොරැල්ල කැම්බල් පිටිය දක්වා ගමන් කෙරෙන අතර අතර බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුබද්ධව ඉදිකිරීමට යෝජිත දස මහල් හෘද සහ දැඩි සත්කාර ඒකක සහිත රෝහල් පරිශ්‍රය ගොඩනැංවීම උදෙසා ආරම්භ කළ ‘ලිට්ල් හාට්ස්‘ ව්‍යාපෘතිය ශක්තිමත් කිරීම පිණිස මෙම අරමුදල් රැස් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
තරුණ තරුණියන් 1000ක් සමග දිවයිනේ ජනප්‍රිය ක්‍රීඩකයින් කලාකරුවන් ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.
වැඩි විස්තර සඳහා http://www.shraddha.lk/little-hearts/ පිවිසෙන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය , අපේ ලොකුස්වාමින්වහන්සේ අැතුලු සියලු ස්වාමින්වහන්සේලාටත්, මේ සදහා දායකවෙන සියලුදෙනාටමත් නිවන අවබෝධ කරගන්න ලැබේවා. තෙරුවන් සරණයි (බ)
හදවත් විකුණන දිනක, පුංචි හදවත් රකින්නට ශ්‍රද්ධා රූපවාහිනිය සහය දක්වන ආධාර එකතු කිරීමේ ව්‍යාපාරයට හදවතින්ම ජය පතමි. අපේෂිත ලෙස මෙම රෝහල ඉදි කිරීමට අවශ්‍ය සියලු කටයුතු සඵල වේවා. (නි)
බොහොම පින් සිද්ධවෙන වැඩක්. හැබැයි මේ වගේ වටිනා ප්‍රවෘත්ති වලට පාඨක අදහස් නැහැ. එ්කයි අද සමාජයේ තත්වය. (නි)