(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පල්ලේකැලේ බන්ධනාගාරයෙන් පලාවිත් නිවෙස් සයකට ඇතුළු වී ගෘහ දේපළ සොරකම් කළ ‘එලුමලේ’ නමැති දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු අද(31) පානදුරේදී අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය පවසයි.                               

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 3200ක් ද සොයා ගත් බව පොලිසිය කියයි.                                                
සොරාගත් දේපළ මිලදී ගත් පුද්ගලයන් දෙදෙනෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.                                                               
කලුතර දිසා අපරාධ ඒකකය ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.