( රංජිත් රාජපක්ෂ )
ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ පාලනය වන හැටන් නොර්වුඩ් නිව්වැලිගම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු හදිසියේ රෝගාතුර විමෙන් දික්ඔය මුලික රෝහල වෙත අද (11) ඇතුළත් කළ බව එම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ විදුහල්පතිනි බෙංජමින් මහත්මිය පැවසුවාය.
එම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිටි තරුණයන් 7 දෙනෙකු සහ තරුණියන් 19 දෙනෙකු හදිසියේ රෝගාතුර වූ නිසා රෝහල් ගත කළ බව විදුහල්පතිනිය සඳහන් කළාය.
රෝහල්ගත කළ තරුණ, තරුණියන් අතරින් එක් තරුණියක් පමණක් තවදුරටත් නේවාසික ප්‍රතිකාර ලබන අතර සෙසු තරුණ තරුණියන් රෝහලේ බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබා ගැනිමෙන් අනතුරව පිටවී ගොස් තිබේ.
එම පිරිසට අද (11) දින නිවාඩු ලබා දුන් බව විදුහල්පතිනිය කියා සිටියාය.
ජුකී මැෂින්, පරිගණක, විදුලි කාර්මික ඇතුළු විෂයන් ගණනාවක් සම්බන්ධයෙන් තරුණ තරුණියන් 135 දෙනෙකු තම පාසල තුළ පුහුණුවිම් ලබන බවත්, අද (10) එම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට දිවා ආහාරය අනුභව කල තරුණ තරුණියන් අතරින් 26 දෙනෙකු පමණක් පාචන රෝගය වැළදී ඇති බවට රෝහල් ආංරංචි මාර්ග සඳහන් කළ බව විදුහල්පතිනිය සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිව්වැලිගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසුන් 26 ක් හදිසියේ රෝහල්ගත කරයි
පිටිගල මිලානෝ Wednesday, 11 September 2019 07:46 AM
ලංකාවේ ආහාරයක් නොදී කොලෙස්ටරෝල් අධික දහ ජරාව මේ ළමයින්ට දුන්න කෙනාට මුලින්ම පුහුණුවක් දෙන්න.