නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ දිළිඳු ජනතාව නඟා සිටුවීම සඳහා සම්සම් පදනම විසින් වසර ගණනාවක සිට වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරයි. අධ්‍යාපන, සෞඛ්‍ය හා නිවාස ඒ අතර ප්‍රමුඛතා ගත් ඒවා වේ.
2016 වෙනුවෙන් නුවරඑළියේ අවම පහසුකම් සහිත නිවාස වල සිටි පවුල් 10කට ලක්‍ෂ 80ක් වියදම් කොට නිවසා 10ක් ඉදිකොට එම නිවාසවල සහතික පත් ප්‍රදානය 2016.11.29 වන දින නුවරඑළිය දිසා ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේදී සිදුකරන ලදී.
ජාතික ආගම් භේද නොබලා දිළිඳුකම පමණක් හේතුකාරණා කොටගෙන මෙම නිවාස ඉදිකර ප්‍රදානය කිරීමේ අවස්ථාවට බෞද්ධ, හින්දු හා ඉස්ලාම් ආගමික නායකයින් එක්වූ අතර, සම්සම් පදනමේ සභාපති අල්ශේක් යූසුප් මුජි මව්ලවිතුමාගේ ප්‍රධානත්වයෙන් නිවාස හිමි අයට සහතික පත් සිදුකිරීම සුවිශේෂි සිද්ධිය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදය අවුස්සනවා කියන්න එපා, බහු ආගමික මුහුණුවරකින් මේ උත්සවය පැවැත්වුවත්, ගෙවල් දහයම දුන්නේ මුස්ලිම් ජාතිකයන්ට විතරයි., සිංහල, දෙමළ උදවියව අත්පුඩි ගැසීම සදහා පමණක් සහභාගි කරවාගෙන තිබුණා, මගේ ප්‍රකාශය බොරුවක්නම් ඕනෑම අභියෝගයක් බාර ගන්නවා,, (අ)