(දයාරත්න ඇඹෝගම)
මිතුරන් පිරිසක් සමඟ නුවරවැවට දිය නෑමට ගිය තරුණයෙකු අද(19) දියේ ගිලි මිය ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ අනුරාධපුර ගුවන් තොටුපල මාර්ගයේ පදිංචිව සිටි එන්. ඩබ්. අරුණ සඳරුවන් නැමති 21 හැවිරිදි තරුණයෙකි.
දියේ ගිලුණු එම තරුණයාව පිරිසක් විසින් ඔහු ත්‍රිරෝද රථයකින් ගෙන ගොස් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd