(ජයරත්න වික්‍රමාරච්චි)
මිනිස් ජීවිත හා දේපළවලට අනතුරු සිදුකරමින් නවගත්තේගම මහමැද්දෑව සහ කිරිමැටියාව ඇතුළු ප්‍රදේශවල සැරිසරන මිනීමරු වන අලියකු ඇල්ලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පුත්තලම වනජීවී කලාප කාර්යාලය කියයි.
පසුගිය කාලයේ නවගත්තේගම ප්‍රදේශයේ වන අලි පහරදිමකින් සිදු වූ පුද්ගල මරණ 2 ක් හා එම ප්‍රදේශවල නිවාස ඇතුළු දේපල රැසකට හානි සිදු කිරීම මෙම අලියා විසින් සිදුකර තිබේ.
අලියා අල්ලා ගැනීමෙන් පසුව හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන යාමට නියමිතය.
වනජීවී පශු වෛද්‍ය, වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ප්‍රධාන අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකය, නවගත්තේගම සහ කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාල, පුත්තලම අලි පාලන ඒකකය, අනුරාධපුර සහ පොළොන්නරුව වනජීවී කාර්යාල මෙම අලියා ඇල්ලීමේ මෙහෙයුම සඳහා එක් වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ජන ජීවිතයට හානි ගෙන දෙන අලින්ට මොකද කරන්නේ.?