ජාතික නව නිපැයුම්කරුවන්ගේ දින ප්‍රථම සැමරුම් උත්සවය සහ දේශීය නව නිපැයුම්කරුවනට ජනපති සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්විණි.
ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් විද්යා , තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන අතර නව නිපැයුම්කරුවන් හය දෙනෙකුට සම්මාන පිරිනැමිනි.
නව නිපැයුම්කරුවන්ගේ " දසිස් සම්මානයෙන් " පිදුම් ලැබුවේ නාරම්මල මයුරපාද විද්‍යාලයේ ජී.කේ.ඒ.එන් ගංගොඩවිල ශිෂ්‍යායය.
විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍යාංශයේ ලේකම් ආර්. විජයලක්ෂ්මි, නව නැපැයුම්කරුවන්ගේ කොමිසමේ සභාපති ආචාර්ය ඩී.සී. මහේෂ් එදිරිසිංහ ඇතුළු පිරිසක් අවස්ථාවට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd