IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නොර්වුඩ් ප්‍රා.ස. ප්‍රධාන කාර්යාලය බගවන්තලාව සංස්කෘතික ශාලාවේ පැවැත්වීමට එරෙහිව සත්‍යග්‍රහයක්

( රංජිත් රාජපක්ෂ )                                                                          
 

නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය  බගවන්තලාව ටින්සින් නගරයේ පිහිටි සංස්කෘතික ශාලාවක පවත්වාගෙන යාමට කටයුතු කිරීමට එරෙහිව එම සංස්කෘතික ශාලාවේ භාරකාර මණ්ඩලය සහ ප්‍රදේශවාසින් පිරිසක් අද(30) උදැසන සිට සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.
 
2010 වසරේ ඉදි කරන ලද එම සංස්කෘතික ශාලාව මධ්‍යම පලාත් හින්දු සංස්කෘතික අමාත්‍යංශය යටතේ පාලනය වන අතර ටින්සින් ප්‍රදේශයේ වතු කම්කරුවන්ගේ උත්සව පවත්වනු ලබන්නේ මෙම සංස්කෘතික ශාලාවේය.
 
නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ප්‍රධාන කාර්යයාලය දැනට හැටන් දික්ඔය පුලියාවත්ත නගරයේ නොර්වුඩ් ප්‍රාදේශිය සභාවට අයත් පුස්තකාලයේ ඉහළ මහලේ පවත්වාගෙන යන අතර එහි ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යාමට ඉඩ පහසුකම් නොමැති නිසා එම සභාවේ සභාපතිවරයාගේ සහ ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ එකගතාවයක් මත ප්‍රධාන කාර්යාලය ටින්සින් සංස්කෘතික ශාලාව වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.
 
සත්‍යග්‍රහයේ නියැළී සිටින එම සංස්කෘතික ශාලාවේ භාරකාර මණ්ඩලය සහ ප්‍රදේශවාසින් කියා සිටින්නේ ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය එම ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීමට තමන්ගේ විරෝධයක් නොමැති බවත්, එ සදහා තම භාරකාර මණ්ඩලයේ අවසර ලබාගෙන එය කළ යුතුව තිබූ බවයි.
 
නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ දැනට තිබෙන ප්‍රධාන කාර්යයාලයේ බඩු බාහිරාදිය මේ වන විටත්, ටින්සින් සංස්කෘතික ශාලාව වෙත රැගෙනවිත් ඇති බවත්, ඉදිරි දින කිහිපය තුල ප්‍රාදේශිය සභාවේ ප්‍රධාන කාර්යයාලය එම ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට කටයුතු කර ඇති බවයි සත්‍යග්‍රහයේ නියැලි පිරිස කියා සිටිති.
 
ටින්සින් සංස්කෘතික ශාලාවව ඉදිරිපට ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට සහයෝගය දක්වමින් ටින්සින් නගරයේ සියළුම වෙළදසැල් අද දින වසා දමා තිබේ.
 
නොර්වුඩ් ප්‍රදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් සංස්කෘතික ශාලාව පවිත්‍ර කිරීමට පැමිණි අවස්තාවේ සත්‍යග්‍රහයේ නියැළී සිටි පිරිස් සහ ප්‍රදේශවාසීහු ඔවුන්ට විරෝධය දක්වා පලවා හැරීමට කටයුතු  කළහ.



අදහස් (0)

නොර්වුඩ් ප්‍රා.ස. ප්‍රධාන කාර්යාලය බගවන්තලාව සංස්කෘතික ශාලාවේ පැවැත්වීමට එරෙහිව සත්‍යග්‍රහයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site