නිරිත දිග මෝසම් තත්ත්වය ශ්‍රි ලංකාව හරහා ස්ථාපිත ව ඇති බැවින් ඉදිරි දිනවල මෝසම් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, වයඹ,දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට ගිගිරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75 ට ආසන්න වැසි ඇතිවිය හැකියි.
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බවත් විශේෂයෙන්ම දකුණු, නැගෙනහිර සහ උතුරු මුහුදු ප්‍රදේශවලට මෙය බලපෑ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd