(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ ආරක්ෂාව සඳහා නාවික හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ ආරක්ෂාව ප්‍රමාණවත් මට්ටමක නොතිබීම හේතුවෙන් බලාගාරය පිටත සහ අභ්‍යන්තරයේ ආරක්ෂාව තර කිරීමට නාවික හමුදා කණ්ඩායම් යෙදවූ බව ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසා සිටියේය.
ඒ අනුව ලක් විජය බලාගාරයට ඇතුළුවන සියලු වාහන සහ පිරිස් දැඩි පරීක්ෂාවට ලක්කරන බවද බලාගාරය අවට නිරීක්ෂණය ඇතුළු කටයුතු නාවික හමුදාව මගින් සිදුවන බවද ඒ මහතා කියයි.
නාවික හමුදාවේ සහායට පොලිස් විශේෂ කාර්ය බළකාය ද එක්ව සිටින බවද ඔහු පැවසීය.
ලක් විජය බලාගාරයට ඉහළින් දින දෙකක් උඩු ගුවනේ සැරිසැරූ ඩ්‍රෝන යානාවන් පිළිබඳව ද ආරක්ෂක අංශ අවධානය යොමු කර ඇත. එවැනි යානා සැරිසැරුවහොත් ඒවා බිම හෙළීමට නාවික හමුදාවට සහ පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ආයුධ ලබා දී තිබෙන බවද නොරෝච්චෝලේ පොලිසිය පවසයි.




2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නොරෝච්චෝලේ බලාගාරයේ ආරක්ෂාවට නාවික හමුදාව යොදවයි
karolis Monday, 29 April 2019 08:45 AM
මේකට නම් බෝම්බ ඕනෙත් නෑ. නිකනුත් කැඩෙනවා